යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීම

 

 ලංකාවේ පවතින සමාජ වටපිටාව නිසා ප්‍රසිද්ධියේ පැවසීමට කැමති වුවත් යහපත් ලිංගික ජීවිතයක් යනු නිසි වයසට පැමිණි කාන්තා, පිරිමි මේ සියළු දෙනාගේම මූලික අවශ්‍යතාවක්. කෑම, බීම, හුස්ම ගැනීම වගේම අත්‍යාවශ්‍ය ඒ වගේම ඉතාම ස්වාභාවික අවශ්‍යතාවක්. යහපත් ලිංගික ජීවිතයක් ගතකිරීම මගින් සැලසෙන ප්‍රතිලාභ කිහිපයක් පහතින් දැක්වෙනවා.



1. මානසික ආතතිය සමනය වීම.

යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීම යනු මානසික ආතතිය සඳහා ඇති හොඳම විසඳුමක් ලෙසයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ. එමෙන්ම රුධිර පීඩනය නිසි මට්ටමේ තබා ගැනීමටත් එය උපකාරී වනවා.

2. යහපත් රුධිර පීඩන තත්වය.

අධි රුධිර පීඩනය හා මඳ රුධිර පීඩනය යන මේ තත්වයන් දෙකම ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැහැ. කිරීටක ධමනිය ආශ්‍රිතව ඇතිවන අවහිරතා, හෘදයාබාධ, වකුගඩු ආබාධ මෙන්ම ආඝාතය යන රෝගාබාධ වලට මූලික හේතුවක් වන්නේද රුධිර පීඩනය නිසියාකාරව නොවීමයි. යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීමෙන් ඔබේ රුධිර පීඩනයද යහපත් මට්ටමක තබා ගත හැකියි.

3. ප්‍රතිශක්තිය වැඩිවීම.

පර්යේෂණ මගින් සොයාගෙන ඇති අන්තමට සතියකට වරක් දෙවරක් ලිංගිකව එක්වීම ඉමියුනෝග්ලෝබුලින් ඒ (immunoglobulin A/lgA) නම් ප්‍රතිදේහය කෙරෙහි සැලකිය යුතු ඉහල මට්ටමකින් බලපෑම් කරනවා. මෙහි ඇති වාසිය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ අනෙකුත් ආසාදන වලට එරෙහිව ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීමයි.

4. ලිංගික එක්වීම යනු ව්‍යායාමයක්.

වෛද්‍යවරුන් පවසන අන්දමට ශරීරයේ ශක්තිමත් බව, නම්‍යශීලී බව, සමබරතාව මෙන්ම ඔබේ හෘදයේ යහපත් ක්‍රියාකාත්රීත්වය රැකගැනීමටත් ඔබේ ලිංගික ජීවිතය උපකාරී වනවා.

5. කැලරි දහනය වීම.

පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට විනාඩි 30ක පමණ ආලිංගනයකින් ඔබේ සිරුරේ කැලරි 85කට වඩා දහනය වනවා.

6. යහපත් හෘද ක්‍රියාකාරීත්වය

රුධිර සංසරණය ක්‍රමවත් වීම නිසා හෘදයාබාධ මෙන්ම ආඝාතයෙන් වැළකීමේ ප්‍රතිලාභය ද යහපත් ලිංගික ජීවිතයක් හිමි ඔබට අත් වනවා.

7. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබීම.

ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය අතර ඇති සම්බන්ධතාව වඩා යහපත් මට්ටමකට ගෙන ඒමේ එක් වැදගත් කරුණක් වන්නේ ඔබ දෙදෙනා අතර ඇති යහපත් ලිංගික ජීවිතයයි.

8. සුව නින්දක් ලබාගැනීමට හැකිවීම.


9. කාන්තාවන්ගේ ශ්‍රෝණි මේඛලාව ආශ්‍රිත පේශි සවිමත් වීම.


10. පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම අවම වීම.


11. ආත්ම විශ්වාසය වර්ධනය වීම.


12. ඔක්සිටොසින් (oxytocin) හෙවත් ආදර හෝමෝනය

ලිංගිකව එක්වීමේදී මෙම හෝර්මෝනය ශ්‍රාවය වීම වැඩි වන නිසා ඒ තුලින් ඔබ හා ඔබේ සහකරු/සහකාරිය අතර වඩා සමීප බැඳීමක් ඇති වනවා. මෙම හෝර්මෝනය යහපත් හැඟීම් හා දැඩිව සම්බන්ධකම් දක්වන බව විද්‍යාඥයන් පවසනවා.
කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි?

කාන්තාවන් යට ඇදුම් ඇදිය යුත්තේ ඇයි?





 කාන්තාවන්ට අවශ්‍ය ඇයි?

යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බ්‍රෙෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.

ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.

ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?

නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිඛෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.

අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට ඛෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.

ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.

කපු ඇඳුම් හොඳයි

මෙතැනදී ශරීරයට ලැඛෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.

නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.

ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.

පිරිසුදුකම ඉතා වැදගත්

යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.

සබන් යනතුරු සෝදන්න

සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.

හොඳින් මදින්න

යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.

විවිධ ලෙඩ රෝග

යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඬෙන්න පුළුවන්.

දිලීර රෝග හැදෙන්න තිඛෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.

අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.

මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.

ඔසප් කාලයට

ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.

සිර ඇඳුම්

ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිඛෙනවා.

ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.

යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.

කාන්තාවකට දැනෙන්න ලිංගිකව හැසිරෙන්නේ මෙහෙමයි

 

  

කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.

ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි. 

මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.
කාන්තාවට දැනෙන්නට නම්,

ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.
මෙහි දී ඔබ ඇයගේ සියම් හැ`ගීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේක‍ෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අ`ගවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලක‍ෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැ`ගීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.

බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.

කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.

කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.

පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකත‍වයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.

සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.

බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමි”මට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.

ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.

එය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.

ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.

ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.

ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න

බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව ක‍ෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි. එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය. එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි. ඔබගේ හැ`ගීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය ක‍ෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.